1950 දශකයේ අලි ඇතුන්ගෙන් ගහණ වූ රුස්ස ගස් කොළං වලින් පිරුණු වනාන්තරය මහා මාත්‍ය ඩ්.එස් සේනානායක මැතිතුමගේ මගපෙන්විම මත ඇරඹුනු ගොවි ජනපද ව්‍යපරයේ එක් සංදිස්ථානයක් බවට හඳපානාගල ගම්මානය පත්වන්නට විය. කෘෂි කර්මාන්තය සඳහාත් හේන් වගාවට අවැසි ඉතාමත් සරුසාර භුමියක් හඳපානාගල ගම්පියස තුළ නිර්මාණය වී තිබිම එයට හේතුවයි. කිරිඳි ඔයට දිය දහරාව සපයන රාවණා ඇල්ල ඔයේ පල්ලම් බසිමින් හඳපානාගල පසුකර පහළට ගලා බසියි. එකල මිනිසුන්ට තිමුනේ සීමිත වූ අවශ්‍යතවයන් කිහිපයකි. නමුදු ජනගහනය වර්ධනය වීමත් සමඟ ඔවුන්ට ලෝකය ජය ගැනිමට අවෂ්‍ය අධ්‍යාපනය කරා යොමුවිමට අවැසි විය. එහිදි පාසලක අවශ්‍යතාවය ඔවුන්ට නිරතුරුව දැනෙන්න්ට විය.
අධ්‍යාපන අවශ්‍යතා මුලික කරගෙන බොහෝ දුෂ්කරතා මැද පුංචි පොල් අතුමඩුවක 1959.05.07 දින, දැනට විදුහලේ පවතින ස්තානයට මදක් ඔබ්බෙන් හඳපානාගල විදුහල ආරම්භ විය. එය රජයේ පාසලක් ලෙස ලියා පදිංචි වූයේ 1958.09.15 දිනයේදිය. එවක සිටි පාසලේ මුලු සිසුන් ගණන 43 න් දෙනෙකුගෙන් සමන්විත විය. ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ ගුරුවරුන් ලෙස,
- ඒ. රත්නායක
- ඒ.එම්. අබේකෝන්
- අර්.එම් ප්‍රේමරත්න මැදවෙල
- බණ්ඩාර මැණිකා
- අර්.එම්. දිසානයක,
නම් විය.
මේ ආකාරයට අරම්භ වූ හඳපානාගල විද්‍යාලය ආරම්භ කිරිමට පුරොගාමී වුයේ ප්‍රදේශයේ ග්‍රාම සංවර්ධන සමිතියයි. එහි සභාපති ට්.ජි.ආර්. කිරිබණ්ඩා මයා, ඩ්.ට් සුගතදාස මයා සහ තවත් මහවරුන් බොහෝ පිරිසක්ද මේ සදහා දායකතවටය සපයා ඇත.
කාලයගේ ඇවැමෙන් දැනට පාසල පවතින ස්තානයට රැගෙන ඒමත් සමග විද්‍යලය සීසුන්ගෙන් පිරි ගියේය. අ.පො.ස (ස.පෙ) දක්වා අධ්‍යාපනය ලැබු සිසුන්ට අ.පො.ස උ/පෙල දක්වා ඉගෙනුම් කාර්‍යයන් කිරිමට පාසල තුළම හැකි විය.
මේ වනවිට සිසුන් දහසකට වැඩි පිරිසක් හදගල විදු පියසෙන් අධ්‍යාපනය ලැබිමට ප්‍රදේශයේ වෙනත් පාසල් බිහි නොවිමට වූ සුවිශේෂි කාරණයකි. නමුදු කෙටි කල්කින් ඇතාදුටු වැව විද්‍යලය හා මහආරගම විද්‍යාලය ආරම්භ වීමත් සමග පාසලට එන සිසු පිරිසේ අඩු වීමක් දක්නට ලැබිණ. එහිදි පාසලේ උ.පෙල හදාරන සිසුන් ගනණ ක්‍රමයෙන් අඩු විමත් සමග සා.පෙළ දක්වා ඉගෙනුම් කටයුතු සිදුකරන ලදී.
මේ ආකාරයට ආරම්භ වූ හඳපානාගල විද්‍යලය විදුහල්පතිවරුන් රැසකගේ පරිපාලනය සමඟ ක්‍රියාතමක විය.
- ඒ. රත්නායක මයා
- කු.එස්. කරුණාරත්න මයා
- එම්.ඒ.බි. සිරිසේන මයා
- සේකාරම් සිල්වා මයා
- ඩබ්ලිව්. ඒ සිල්වා මයා
- ජී. ටි. කරුණාරත්න මයා
- ර.මු. කුලරත්න මයා
- ජී.එල්.ඩී. ජෝද්දිවෙල මයා
- එස්.විලසන් මයා
- ඩබ්ලිව්. ඒ. නන්දසේන මයා
- එච්. එම් .ජයතිස්ස මයා
- කේ.එම්.යූ.එස්. බණ්ඩාර මයා
යන විදුහල්පතිවරුන්ය.
වර්තමානය වන විට සිසුන් 1030කට අධික සංඛ්‍යාවක් හා ගුරුවරුන් 50කට අධික සංඛ්‍යාවකින් සමන්විත හඳපානාගල විද්‍යාලය ප්‍රදේශය තුළ කැපී පෙනෙන පාසල් අතර ඉදිරියෙන් තිබෙන පාසලක් බවට පත්වී තිබේ. සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ අත කරගනිමින් අද්‍යාපන කටයුතු මැනවින් ඉටු කරගන්නා සුසු සිසුවියන් හා ඉතා කර්‍යශූර ඇදුරු මඩුල්ලකින් සමන්විත හඳපනාගල මහා විද්‍යාලය 2018 වර්ශයේ නැවත කලා හා වානිජ අංශයෙන් උසස් පෙළ ආරම්භ කිරිමට තරම් සමත් විය. එහෙයින් මේ වන විට සිසුන් 50කට අධික සංඛ්‍යාවක් උසස් පෙල හදරයි. මෙලෙස ඉතා දුෂ්කරතා මැද වර්තමාන විදුහල්පති කේ. එම්. යු. එස්. බණ්ඩාර මහතා රජයේ හා වෙනත් රජ්‍ය නොවන ආයතන සමග කටයුතු කරමින් පාසල වෙත අත්පත් කර ගෙන ඇති භෞතික සම්පත් අති මහත්ය.
අප පාසල ලගම පාසල හොදම පාසල වැඩසටහන යටතේ ක්‍රීයාත්මකවන පාසලක් බවට පත්වී ඇත.
"විශ්වය දිනනා අභිමානවත් දරුවන් බිහිකරමු". යන දැක්ම පෙරටු කරගනිමින් ඉදිරි අනාගතය ශ්‍රී ලංකිය අනන්‍යතාවයෙන් හෙබි ගුණ නැණ බෙලෙන් පිරිපුන් මිනිසුන් බිහිකිරිම හඳපානගල විදුමාතවගේ ඒකයන ප්‍රාර්තනයයි.
|
ආරම්භ කළ වර්ෂය |
1956 මැයි 07 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
05 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
43 |
|
මුල් ගුරුතුමාගේ නම |
ඒ. රත්නායක |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
හඳපානාගල මහා විද්‍යාලය |
|
පාසල රජයට පවරාගත් දිනය |
1958 සැප්තැම්බර් 15 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
පොල් අතු මඩුවක් |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
සෝමපාල |





