අධ්‍යාපන අවශ්‍යතා මුලික කරගෙන බොහෝ දුෂ්කරතා මැද පුංචි පොල් අතුමඩුවක 1959.05.07 දින, දැනට විදුහලේ පවතින ස්තානයට මදක් ඔබ්බෙන් හඳපානාගල විදුහල ආරම්භ විය. එය රජයේ පාසලක් ලෙස ලියා පදිංචි වූයේ 1958.09.15 දිනයේදිය. එවක සිටි පාසලේ මුලු සිසුන් ගණන 43 න් දෙනෙකුගෙන් සමන්විත විය. ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ ගුරුවරුන් ලෙස,
- ඒ. රත්නායක
- ඒ.එම්. අබේකෝන්
- අර්.එම් ප්‍රේමරත්න මැදවෙල
- බණ්ඩාර මැණිකා
- අර්.එම්. දිසානයක
නම් විය.
මේ ආකාරයට අරම්භ වූ හඳපානාගල විද්‍යාලය ආරම්භ කිරිමට පුරොගාමී වුයේ ප්‍රදේශයේ ග්‍රාම සංවර්ධන සමිතියයි. එහි සභාපති ටී.ජි.ආර්. කිරිබණ්ඩා මයා, ඩී.ටී. සුගතදාස මයා සහ තවත් මහවරුන් බොහෝ පිරිසක්ද මේ සදහා දායකතවටය සපයා ඇත.





